Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

YouKey Promoter

YouKey හී Freelance Marketer කෙනෙකු වී ස්වාධීන වෘත්තීකයෙකු ලෙස ඔබගේ වෘත්තීය අරඹන්න!

භාණ්ඩ හා සේවා ප්‍රචාරණය කර පහසුවෙන් සහ ඉක්මනින් සීමාවක් නැතුවම මුදල් උපයගන්න!

  • ඔබගේ වටිනා කාලයෙන් මිනිත්තුවක්වත් නිකරුණේ වැය නොකර එම කාලය මුදල් බවට පත් කරගන්න.
  • ඔබ වෙනුවෙන්ම YouKey විසින් හඳුන්වා දෙන Promoter program හී Promoter කෙනෙකු බවට පත්ව ඔබගේ වෘත්තීය freelance marketer කෙනෙක් ලෙස අදම අරඹන්න.

ඔබ කළ යුතු වන්නේ විකුණුම්කරුවන්(sellers) විසින් ප්‍රචාරණය සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදී ඇති භාණ්ඩ හෝ සේවාවන් අතුරින් ඔබට කැමති භාණ්ඩ සහ සේවාවන් තෝරාගෙන ඒවා සඳහා ඔබටම ආවේණික වූ සබැඳි (links) generate කර එම සබැඳි සමාජ මාධ්‍යජාලා වල හෝ ඔබට පහසු ආකාරයකට share කිරීමයි.

එම සබැඳි ඔස්සේ විකිණීමක් සිදුවූ පසු විකුණුම්කරුවන් විසින් කලින් පොරොන්දු වී තිබූ ආකාරයට ඔබගේ කොමිස් මුදල ලැබේ. ඔබගේ සබැඳි ඔස්සේ විකුණුම් තවත් වැඩි කරගැනීමට නම් ඔබටද කැමති ප්‍රමාණයක වට්ටමක් ගැණුම්කරුවන් (buyers) වෙත ලබාදිය හැකියි.

මෙම නවමු අත්දැකීම විඳගනිමින් පහසුවෙන් නිවසේ සිටම මුදල් උපයගන්න අදම Promoter කෙනෙක් ලෙස YouKey හී ලියාපදිංචි වන්න!

YouKey Promoter's Steps

එය හරිම පහසුයි. පියවර කිහිපයකින් ඔබට YouKey හී ප්‍රචාරණකරුවෙක් විය හැකියි.

  • 1

    මුල්ම පියවර ලෙස ඔබ YouKey හී ලියාපදිංචි විය යුතුයි.

  • 2

    ඉන්පසු වෙබ් අඩවියේ ඉහළ ඇති Promote බට්න් එක ක්ලික් කරන්න.

  • 3

    එහිදී ඔබට Agreement එක දැකගත හැකි අතර එය හොඳින් කියවා Agree බට්න් එක ක්ලික් කරන්න.

  • 4

    ඉන්පසු අයදුම්පත පුරවා Submit කරන්න.

ඔබේ අයදුම් පත YouKey හී පරිපාලක මඩුල්ල විසින් අනුමත කළ පසු ඔබට ඔබගේ භාණ්ඩ හෝ සේවා ප්‍රචාරණය ආරම්භ කළ හැකියි.

YouKey ප්‍රචාරණ ක්‍රියාවලිය

විකුණුම්කරුවන් විසින් ප්‍රචාරණය සඳහා ඉඩ ලබා දී ඇති භාණ්ඩ සහ සේවා අතුරින් ඔබට කැමති භාණ්ඩයක් හෝ සේවාවක් තෝරාගෙන generate product link මත ක්ලික් කිරීමෙන් ඔබටම ආවේණික වූ link එක generate කරගන්න.

ඉන්පසු ඔබට කැමති ආකාරයකින් එම link එක share කරන්න.

ඔබගේ link එක හරහා ඇණවුමක් (order) ලැබී එම ගනුදෙනුව නිමවූ පසු ඔබට විකුණුම්කරු විසින් කලින් පොරොන්දු වී තිබූ කොමිස් ප්‍රතිශතය ඔබගේ ගිණුමට ලැබෙනු ඇත.