Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos



eLancer Course - Do easy jobs | Work from home

අන්තර්ජාල රැකියා යනු මොනවාද?

වර්තමානයේ බොහෝ විදේශීය සමාගම් තම සේවකයින් තම සේවා ස්ථානයට හෝ තම රටට ගෙන්වා ගෙන රැකියාවන්හි නිරත කරනවාට වඩා තම සමාගමට අවශ්‍ය සේවාවන් අන්තර්ජාලය ඔස්සේ තම රටේම හෝ වෙනත් රටක සිටින සේවකයෙකු මඟින් කරගැනීමට පෙළඹී ඇති අතර එමඟින් ඔවුන්ට සේවකයන් හා තම සේවා ස්ථාන පවත්වාගෙන යාම සඳහා වැය කිරීමට සිදුවන වියදම් අවම කරගැනීමේ හැකියාව ලැබී ඇත. මීට අමතරව ලොව පුරා සිටින බොහෝ පිරිසක් තම එදිනෙදා වෘතීමය වැඩ කටයුතු අන්තර්ජාලය ඔස්සේ කර ගැනීමට පෙළඹී සිටිති. උදාහරණ ලෙස Data Entry / Web / Software / Game Project / Graphic Designing / Small Jobs / Form Filling / Online Survey / etc…

Data Entry / Online Jobs සඳහා විශාල ඉල්ලූමක්, තරඟකාරිත්වයක් පවතින අතර ලොව පවතින ප‍්‍රසිද්ධ Job market places සමාගම් වල රැකියා අවස්ථා සඳහා ඕනෑම අයෙක්ට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැක.මෙහිදි ඔබට සේවකයෙක් (employee) ලෙස රැකියාවන්හි නිරත විය හැකි අතර අවශ්‍ය නම් සේවායෝජකයෙක් (employer)ලෙසද සම්බන්ධ විය හැක.

ඔබ රුකියාවක් සොයන්නෙක් නම් ඔබගේ හැකියාව,දක්ෂතාවය සහ කැපවීම මත ඔබට අවශ්‍ය ඕනෑම Freelance රැකියාවක් සිදු කල හැක අතර සේවායෝජකයෙක් නම් ඉතා අඩු මුදලකට සහ පහසුවෙන් ඔබට අවශ්‍ය කාර්යයන් හා සේවාවන් ලබා ගත හැක.Online Jobs සඳහා යොමුවීමේදී ඔබගේ හැකියාව, දක්ෂතාවය, පළපුරුද්ද සහ කැපවීම මත ඔබට අවශ්‍ය, ගැලපෙන රැකියාව තෝරා ගත හැක. Online Jobs යටතේ Categories විශාල ප‍්‍රමාණයක් ඇත.

 

•Web Development

•Software Development

•Administrative Support

•Data Entry

•Personal Assistant

•Web Research

•Email Response Handling

•Transcription

•Writing & Translation

•Customer Service

•Accounting

•Marketing

•Drafting/ planning


•Design & Multimedia

•Graphic Design

•Logo Design

•Illustration

•Print Design

•3D Modeling & CAD

•Audio Production

•Video Production

•Voice Talent

•Animation

•Presentations

•Engineering & Technical Design

•Other - Design & Multimedia


 

මෙම පාඨමාලාව තුල පහත සඳහන් දේ අන්තර්ගත වේ!

  1. හොදම සහ ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන් රැකියා වෙළඳපොල අවකාශ හදුනාගැනීම

  2. එම එක් එක් අවකාශ වල නිවැරදිව Policies වලට අනුකුලව ලියාපදිංචි වීම, ගිණුම් active කරගැනීම සහ සස්පෙන්ඩ් නොවී වැඩ කරන ආකාරය 

  3. හොඳම රැකියා අවස්ථා හදුනාගැනීම සහ ඒවා complete කර අදායම් ඉපයීම

  4. ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුළුවන් අදායම් ලැබියහැකි රැකියා අවස්ථා 15ක් පුහුණු වීම

  5. වැඩිම ඉල්ලුමක් සහ ගෙවීමක් සහිත රැකියා අවස්ථා 20

  6. අදායම් වැඩිකරගැනීමේ උපායමාර්ග

  7. Drop Servicing 

  8. Live Class - සජීවී උපදේශන සැසිය (මෙහිදී එක් එක් ගිණුම් පරීක්ෂා කර අඩුපාඩු නිවැරදි කර ඉදිරියට කලයුතු වැඩ ලබාදී අදීක්ෂණය කරනු ලැබේ.ඔබගේ ගැටළු මෙහිදී සාකච්චා කල හැකිය ) 



පාඨමාලාවට ඇතුලත් වූ පසු පිලිවෙලින් ඔබ කලයුතු පියවරයන් Video  පාඩම් ලෙස ඇත. එම එක් එක් අදියරයන් සම්පුර්ණ කලපසු ඊළඟට ඇති සජීවී පන්ති සහ පුනරීක්ෂණ ඔබට දැකගත හැකිය. ඒවාට සම්බන්ධ වී ගැටළු නිරාකරණය කරගනිමින් අපේක්ෂිත අරමුණට ඔබව යොමු කරවනු ලැබේ.


ඔබට IT විශේෂ දැනුමක් ඇතත් නැතත් සාර්ථක වීම සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කරමින් සාර්ථක ආදායමකට මග නිවැරදිව සකසා ගන්න



Video Recorded Lessons සහ සජීවී පන්ති සහ උපදේශන මගින් 100% සාර්ථකව විදේශ විනිමය අදායමක් හදාගන්න! ඔබට වගේම රටටත් වැඩදායි සක්‍රිය ආර්ථික ක්‍රියාකාරිකයෙකු වන්න!

 

2009 සිට දහස් ගණනින් විද්‍යුත් වෘත්තිකයින්, ව්‍යවසයකින් සහ ආයෝජකයින් බිහිකළ, තෘතියිය හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි සහ අනුමත, නියාමනයක් සහ වගකීමක් සහිත ලංකාවේ එකම ආයතනය වන අට්‍රෙක්ස් උසස් අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වන්න. ක්ෂේත්‍රයේ දශක එකහාමාරකට අධික අත්දැකීමක් සහ ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත දේශකයින් පමණක් මෙහෙයවීම සිදුකරයි.

 

 

සම්බන්ද වන්නේ කෙසේද?


  1.  ගෙවීම් කර නොමැතිනම් "Pay Now" මගින් ගෙවීම කරන්න. ඕනෑම Debit හෝ Credit කාඩ් පතක් භාවිත කල හැකිය 

  2. ගෙවීම් කරන සෑම කෙනෙකුම දුරකථනය මගින් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය උපදෙස් අප උපදේශකයින් විසින් ලබා දෙනු  ලැබේ. 


  1. වට්ටම් සහිතව පාඨමාලාව ලබාගැනීමට YouKey.lk වෙත පිවිසෙන්න - පැය 24ක් ඇතුලත logins ඔබගේ ඊමේල් ගිණුමට එවනු ඇත.

  2. සහය සඳහා ඔබගේ Student Counsellor අමතන්න 



ඕනෑම දෙයක අමාරුම පියවර පළමු පියවරයි! එය තබන්න බයවෙන්න එපා! පසු බහින්න එපා! එන්න සම්බන්ධ වන්න ශ්‍රී ලංකාවේ විශ්වසනියම විකල්ප අදායම් සහකරුවා සමග! 

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS